අතුරුදන් පොලිස් කොස්තාපල් සොයා මෙහෙයුම් .

මානසික ආබාධයකට ප්‍රතිකාර ලබාගෙන සිටින පොලිස් කොස්තාපල් සැමියා අතුරුදන් බවට ඔහුගේ බිරිඳ විසින් බකමූණ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 27 හැවිරිදි මන්නාරම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි සිදු කරන පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා නිවාඩු ලබා අතරගල්ලෑව,මිනිපුර ගම ප්‍රදේශයේ පිහිටි බිරිඳගේ නිවසට පැමිණි අවස්ථාවේදී ආරවුලක් හේතුවෙන් නිවසින් පිටව ගොස් ඇති බවට පොලීසිය පවසයි.

අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයා සොයා පොලිස් කණ්ඩායමක් විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version