හරක් කටාට සහය දුන් නිළධාරියා සොයා මෙහෙයුම් .

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවෙන් බේරීමට උත්සාහ කළ අවස්ථාවේ සහය දුන් බව කියන පොලිස් කොස්තාපල්වරයා සොයා ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය මහජනතාවගෙන් සහය පතයි.

හරක් කටා යන සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන මත අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයේ රඳවා සිටින අතර සැකකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියදී ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ ගිනි අවිය පැහැර ගැනීමට උත්සාහ දරා තිබේ.

එම අවස්ථාවේ දී ඇති වූ පොර බැදීම නිසා නිළධාරීයා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හරක්කටා ප්‍රශ්න කරමින් සිටින අතරතුර වැසිකිළිය වෙත රැගෙන යාමට සම්බන්ධ වූ පොලිස් කොස්තාපල් 97402 මුනිපාලගේ රවිඳු සංදීප ගුණසේකර යන පුද්ගලයා මේ වන විට අතුරුදහන් වී ඇති බව පොලීසිය නිවේදනය කරයි.

මෙලෙස අතුරුදන්ව ඇති පොලිස් කොස්තාපල්වරයාගේ ඡායාරූපයක් මේ වනවිට පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ප්‍රසිද්ධියට පත්කර තිබෙන බව වාර්තා වේ.

ඒ අනුව ඡායාරූපයේ දැක්වෙන පොලිස් කොස්තාපල්වරයා පිළිබඳව තොරතුරක් වෙතොත් දුරකථන අංක 071-8591774 හෝ 0718594929 වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Exit mobile version