රත්නපුර, කහවත්ත රෝහලේ අක්ෂි වෛද්‍යවරයා විදේශගත වී ඇති අතර ඒ හේතුවෙන් ප්‍රතිකාර සඳහා පැමිණෙන රෝගීන් විශාල පිරිසක් මේ වන විට අසරණ වී ඇති බව වාර්තා වේ.
කහවත්ත, ගොඩකවෙල, ඕපනායක, පැල්මඩුල්ල, බලංගොඩ, වැලිගෙපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ ජීවත් වන රෝගීන් මෙසේ අසරණව තිබේ. මෙම රෝහලේ දී සතියට දින හයක් අක්ෂි සායන පත්වන අතර, දිනකට සැත්කම් 150ක් 200ක් අතර ප්‍රමාණයක් සිදු කර තිබේ.
අක්ෂි විශේෂඥ වෛද්‍යවරයා පසුගිය මස විදේශගත වීම නිසා අක්ෂි රෝගීන් දැඩි අසරණභාවයට පත්ව සිටින අතර, එම රෝගීන් ඉල්ලා සිටින්නේ මෙම රෝහලට අක්ෂි විශේෂඥ වෛද්‍යවරයකු ලබාදෙන ලෙසයි.
