වැඩබලන්න ඇමතිලා 5 කට අවස්ථාව.

දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව බලා පිටත්ව යාම හේතුවෙන් එම කාලය අතරතුරේදී ජනාධිපතිවරයා යටතේ පවතින ආයතන අධීක්ෂණය කිරීම සඳහා අමාත්‍යවරුන් පස් දෙනෙකු පත්කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාත් , ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත් , මුදල් , ආර්ථික , ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ෂෙහාන් සේමසිංහ මහතාත් , තාක්ෂණ අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාත් , කාන්තා , ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල් මහතාත් පත්කර ඇති බව සඳහන් වේ.

Exit mobile version