රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පුරවැසිභාවයට අදාළ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ආගමන හා විගමන පාලකවරයාගෙන් සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්නද අල්විස් අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ බවට වාර්තා වේ.
එම නියෝගය සිදුකලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව වන අතර මෙහිදී ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට ගැනීම සදහා නියෝගයක් නිකුත් කරනවාද නැද්ද යන බව ප්‍රකාශ කරන බවට මහේස්ත්‍රාත්වරයා විසින් සදහන් කර තිබේ.
