මාර්ග දෙපස ඇති අවදානම් ගස් කැපීමට නියෝග.

පවතින වැසිබර කාලගුණය හේතුවෙන් මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් පවතින විශාල ගස් පිළිබඳව වහා අධ්‍යයනයක් කර මහජනතාවට තර්ජනයක් විය හැකි සෑම දෙයක් ම ඉවත් කරන ලෙසට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අදාළ බලධාරීන්ට නියෝග කර ඇති බව වාර්තා වේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට මෙම නියෝග ලබා දී තිබේ.

ඊයේ ( 6) පෙරවරුවේදී කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ධාවනය වූ ලංගම බස් රියක් මතට ගසක් කඩාවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්මින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධාරීන් සමග එක්ව කඩිනමින් ආපදා වැළැක්වීමේ පියවර ගන්නා ලෙස දන්වා තිබේ.

එසේම මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කරන ලෙසත් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

Exit mobile version