ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියෝග කළ බව වාර්තා වේ .
ඒ , අදාළ බඳවා ගැනිම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ පෙත්සමේ අතුරු නියෝගය ඉල්ලා අස්කර ගැනිම හේතුවෙනි.
ඒ අනුව ඒ හා සම්බන්ධ තවත් පෙත්සම් කිහිපයක් ඉල්ලා අස්කරගැනීමට පෙත්සම්කරුවෝ කටයුතු කළ බව ද වාර්තා වේ .
ගුරුවරුන් බඳවා ගැනිමේ චක්‍රලේඛය අත්හිටුවන ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබු අතර එය ද අද (27) ඉවත් කළ බව සඳහන් .
