රට තුළ පවතින ඩෙංගු වසංගත තත්ත්වය හමුවේ තද උණ , ඇඟපත වේදනාව සහ හිසේ කැක්කුම සඳහා ප්‍රතිකාර වශයෙන් NSAID ඖෂධ කාණ්ඩයට අයත් වේදනා නාශක භාවිතා කිරීම හේතුවෙන් මරණ කිහිපයක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය නිවේදනය කර තිබේ.
Non Steroidal Anti Inflammatory Drugs නොමැති නම් ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ ලෙස හඳුන්වනු ලබන ඖෂධ වෛද්‍ය උපදේශයකින් තොරව ලබාගැනීම අනුමත කළ නොහැකි බවත් , නැප්ප්‍රොක්ස්සෙන් , ඩයික්ලොෆෙනැක් සෝඩියම්, මෙෆැනමික් ඇසිඩ්, ඉබියුප්‍රොෆන්, ඉන්ඩොමෙතසින්, ඇස්ප්‍රීන් , සෙලෙකොක්සිබ්, යන ඖෂධ වර්ග විවිධ ආකාර වෙළඳ නාම හරහා වේදනා නාශක ලෙස මෙරට තුළ භාවිතා කෙරෙන බවත් , මෙම ඖෂධ හොඳ වේදනා නාශක වූවත් ඩෙංගු රෝගී තත්ත්වයකදී එය භාවිතා කිරීම හේතුවෙන් දැඩි සංකූලතා සහ මරණ සිඳු විය හැකි බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය වැඩි දුරටත් සඳහන් කර තිබෙන බව වාර්තා වේ.
එමෙන්ම මේ දිනවල උණ තත්ත්වයක් ඇති වුවහොත් හොඳින් විවේක ගැනීම සහ හොදින් දියර වර්ග පානය කළ යුතු බවත් නියමිත මාත්‍රාව අනුව අනුව පැරසිටමෝල් ඖෂධය පමණක් භාවිතා කළ යුතු බවත් , දින දෙකකට වඩා උණ පවතින්නේ නම් සුදුසු වෛද්‍යවරයෙකුගෙන් හෝ රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශය සඳහන් කර තිබේ.
