පාකිස්ථානයට තවම අගමැති කෙනෙක් නෑ.

පාකිස්ථාන පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 02ක් ගත වූවත් , මෙතෙක් භාරකාර අග්‍රාමාත්‍යවරයෙකු තෝරා ගැනීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹීමට හැකිවී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

ඒ අනුව භාරකාර අග්‍රාමාත්‍යවරයෙකු නම් කිරීම සම්බන්ධයෙන් අද (12) අවසන් තීරණයකට එළඹිය හැකි බවත් , පාකිස්ථානයේ විපක්ෂය ද ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹීම ප්‍රමාද කරමින් සිටින බවත් සඳහන් වේ.

එමෙන්ම පාකිස්ථාන ව්‍යවස්ථාවට අනුව අන්තර්වාර අග්‍රාමාත්‍යවරයාගේ නම තීරණය කිරීමට අග්‍රාමාත්‍යවරයාට සහ ජාතික සන්ධානයේ ඉවත්වන විපක්ෂ නායකවරයාට දින තුනක කාලයක් හිමි වන බවට සඳහන් වන නමුත් ඔවුන් මෙලෙස කාලය ගත කරමින් සිටින්නේ පාකිස්ථානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින පසුබිමක බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .

Exit mobile version