පානදුර මුහුදට අමුත්තෙක්.

පානදුර මුහුදු වෙරළ ආසන්නයේ ඇති ගල්වැටිය අසලට  අඩි හතකට ආසන්න දිගකින් යුතු කිඹුලෙක් ඊයේ (28) සවස 5.30 ට පමණ පැමිණ සිට ඇති අතර එය දුටු ධීවරයෙක් වෙරළ ආරක්ෂක නිලධාරීන්ව දැනුවත් කර තිබේ. වෙරළ ආරක්ෂක නිලධාරීන් පැමිණීමේදී කිඹුලා මුහුදට ඇදී ගොස් වෙරළට මීටර් 10-20 ත් අතර ප්‍රදේශයේ රාත්‍රිය වන තුරු සැරිසරා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් අත්තිඩිය වනජීවි නිලධාරීන් දැනුවත් කර ඇති අතර අද (29) දින ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිඳු කරන් බව සඳහන්.

මෙම කිඹුලා මුහුදෙන් ඉවත් කරන තෙක් මුහුදේ දිය නෑමේදී සහ සිරි නැරඹීමට පැමිණීමේදී සැලකිලිමත් වන ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

Exit mobile version