ප්‍රංශයේ පැරිස් නුවර පැවති ලෝක ශූරතා පැරා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනෙකු ලෝකඩ පදක්කම් දිනාගෙන ඇති අතර ඔවුන් අද (19) උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් මෙරටට පැමිණි බව වාර්තා වේ .
මෙම තරගාවලිය පසුගිය 07 වනදා සිට 17 වැනිදා දක්වා රටවල් 106 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවති අතර එහිදී T 46 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් දිනේෂ් ප්‍රියන්ත සහ T 44 කාණ්ඩය යටතේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සමිත දුලාන් මෙලෙස ලෝකඩ පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ.
මොවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරී ගාමිණී කොස්තා , ජාතික පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත් සහ එම කමිටුවේ සාමාජිකයින් , ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කමිටුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටි බව සදහන් වේ.
