අද (24) පෙරවරු 08.00 සිට දිවයින පුරා පිහිටි සියලු රෝහල්වල පැය විසිහතරක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවට පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඉල්ලීම් හතක් මුල් කරගනිමින් මෙම වර්ජනයට අවතීර්ණ වීමට වෘත්තීය කාණ්ඩ පහකට අයත් හත්දහසකට ආසන්න නිලධාරීන් පිරිසකගෙන් සමන්විත පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව මෙම වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ තාක්ෂණවේදී, රසායනාගාර විද්‍යාඥ, ඖෂධවේදී, භෞත චිකිත්සක සහ වෘත්තිය චිකිත්සක ආදී වෘත්තීන්ට අයත් පිරිසක් එක්වෙති.
බඳවා ගැනීමේ පටිපාටිය සංශෝධනය දිගින් දිගටම ප්‍රමාද කිරීම, ශ්‍රේණි උසස්වීම් ගැටලුවට අදාළ චක්‍රලේඛය නිකුත්කිරීම ප්‍රමාද කිරීම, නව බඳවාගැනීම් නවතා දැමීම හේතුවෙන් සේවා බිඳවැටීමකට ලක්වීමට ඉඩහැරීම සහ අසාධාරණ ලෙස විනය නියෝග භාවිතා කරමින් වෘත්තිය සමිති නායකයන් සහ සාමාජිකයන් මර්දනයට උත්සාහ කිරීම ආදියට විරෝධය පා මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරේ.
වර්ජන සඳහා සිය පිළිකා ආයතනය, මාතෘ හා ළමා රෝහල්, මධ්‍යම ලේ බැංකුව සහ රෝහල්වල පිළිකා සායනවල නිරත පිරිස් මෙම වර්ජනයට සම්බන්ධ නොවන අතර එම ආයතනවල නිලධාරීන් ස්වේච්ඡාවෙන්ම සේවාවේ නිරත වනු ඇති බව සදහන්.
