පරිපූරක වෛද්‍ය වෘත්තිකයෝ හෙට වර්ජනයක.

පරිපුරක වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 05කට අයත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉල්ලීම් 7 ක් මුල් කරගනිමින් හෙට (24) දිනයේ දී සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ,

‘පරිපූරක වෛද්‍ය සේවාවට අදාළ වෘත්තීන් 05ක් හෙට දවසේ උදෑසන 08 සිට සිකුරාදා උදෑසන 08 දක්වා පැය 24ක වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට මේ වනවිට තීරණය කරලා තිබෙනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගයට විකිරණ විද්‍යා තාක්ෂණවේදී වෘත්තිකයන්, රසායනාගාර විද්‍යාඥ වෘත්තිකයන්, ඖෂධවේදී වෘත්තිකයන් ඒ එක්කම භෞත චිකිත්සක වෘත්තිකයන්, වෘත්තීය චිකිත්සක වෘත්තිකයන් කියන වෘත්තීය කණ්ඩායම් පහ සම්බන්ධ වෙනවා. එතකොට මේ වර්ජන ක්‍රියාමාර්ගයට අවතීර්ණ වෙන්න මේ වෘත්තීය සංගම් තීරණය කළේ, ඔවුන්ගේ ඉල්ලීම් 07ක් වෙනුවෙන්. මේ ඉල්ලීම් අතර තිබෙනවා බඳවාගැනීමේ පටිපාටිය අනුමත කිරීම දිගින් දිගටම ප්‍රමාද කරනවා. මේ වර්ජන ක්‍රියාමාර්ගය හින්දා සී.ටී පරීක්ෂණ, එක්ස්-රේ පරීක්ෂණ, එම්.ආර්.අයි පරීක්ෂණ, සියලු රසායනාගාර පරීක්ෂණ සේවා. ඒ වගේම ඖෂධ බෙදාහැරීම, නිකුත් කිරීම කියන සේවාවන් සියල්ල අඩපණ වෙනවා”

Exit mobile version