‘පරත්තේ සම්පා’ අත්අඩංගුවට.

පාසල් ළමයින් ඉලක්ක කර මත් කරල් අලෙවි කළ ‘පරත්තේ සම්පා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත් කරල් 250ක් ,අයිස් මත්ද්‍රව්‍ය පැකට් 7ක් ,කේරල ගංජා සහ දුම්කුඩු ඔහු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇති බව සදහන්.

එමෙන්ම පාසල් ළමයින්ට මත් කරල් අලෙවි කර උපයා ගත් රුපියල් 6,830ක මුදලක්ද හමු වී තිබේ.

මෙම සැකකරු පානදුර සහ ඒ අවට ප්‍රදේශවල පාසල් සහ උපකාර පන්තිවල සිසුන්ට මත් කරල් අලෙවි කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලදී හෙලී වී තිබේ.

Exit mobile version