හැටන් ශා/ගේයබ්‍රිල් බාලිකා විදුහලේ ගුරු හිඟයට විසඳුම් ඉල්ලා එම විදුහලේ ඉගෙනුම ලබන සිසුවියන්ගේ දෙමාපියන් අද (24) දින හැටන් අධ්‍යාපන කලාප කාර්යාලය ඉදිරිපිටදී නිහඬ උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ .
මෙම විදුහලේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන් හතර දෙනකුද , ද්විතිය අංශයේ ගුරුවරුන් නව දෙනකුද මාරු කර ඇති බවත් , ඒ වෙනුවට ආදේශ ගුරුවරුන් පත් නොකිරිම හේතුවෙන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාලවිමේ අවදානමක් පවතින බවත් මෙම දෙමාපියන් ප්‍රකාශ කරති.
මෙම උද්ඝෝෂණ පවතින අතරතුරදි එම උද්ඝෝෂණය සඳහා පැමිණි දෙමාපියන් පිරිසක් කලාප කාර්යාලයට කැඳවා එහි නිලධාරින් මේ පිලිබඳව පිළිතුරු ලබා දිමට වැඩ බලන කලාප අධ්‍යක්ෂ හෝ අදාල නිලධාරින් නොමැති බවත් , මෙම ගුරු ප්‍රශ්නය කඩිනමින් විසඳන බවත් , 25 හෝ 26 දින වැඩ බලන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැමිණෙන බව දැන්වු බවත් ඔවුන් සඳහන් කර තිබේ.
එම ප්‍රකාශයෙන් අනතුරුව එම පිරිස විසිර ගොස් ඇති අතර හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ ආරක්ෂාව සඳහා හැටන් මුලස්ථාන පොලිසිය විසින් වීශේෂ ආරක්ෂාවක්ද යොදවා තිබූ බව වාර්තා වේ .
