පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – සභාව කල් තැබෙයි.

සභාවේ ඇතිවූ උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු විනාඩි 10කට කල්තැබීමට තීරණය කළ බව වාර්තා වේ .

2022 වසරේ සේවක අර්ථසාධක අරමුදලට ගෙවා ඇති ප්‍රතිශතයන් පිළිබඳව නැගූ ප්‍රශ්නයක් නිසා මෙම උණුසුම් තත්ත්වය ඇතිවී තිබේ .

පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා විසින් අදාළ ප්‍රශ්නය යොමුකර තිබූ අතර ආණ්ඩු පක්ෂයෙන් ඊට නැවත වරක් කල් ඉල්ලීමෙන් මෙම උණුසුම් තත්ත්වය ඇතිවිය.

Exit mobile version