පාර්ලීමේන්තුව 18 සිට 21 දක්වා රැස්වෙයි.

පාර්ලිමේන්තුව ලබන 18 වනදා සිට 21 වනදා දක්වා රැස්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව 18 වැනිදා ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනෙන බවත් , 19 වනදා දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයට ගැනෙන බවත් , 20 වනදා ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදයත් , ඉන් අනතුරුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය විවාදයකින් තොරව අනුමත කිරීමට නියමිත බවත් , 21 වනදා බැංකු විශේෂිත විධිවිධාන පනත් කෙටුම්පත් දෙවන වන කියවීමේ විවාදයත් පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

Exit mobile version