වාර්ෂිකව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්ෂ අභියෝග ශූරතා ක්‍රිකට් තරගාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් සහ හිටපු ජනාධිපතිවරයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) නුවරඑළිය මහ නගර සභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණු බව වාර්තා වේ .
මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා මහින්ද රාජපක්ෂ මහතා, නාමල් රාජපක්ෂ මහතා, නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා, නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මන මහතා ඇතුළු පිරිසක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ද එක්ව සිටි බව සඳහන් .
වාර්තා වන ආකාරයට රාජ්‍ය අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර තරග දෙකක් පැවැත්වුණු අතර තරග දෙකේම ජයග්‍රහණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම විසින් දිනා ගැනීමට සමත්ව තිබේ.
එමෙන්ම තරගාවලියේ වීරයා වශයෙන් ගයාශාන් මන්ත්‍රීවරයා ද , හොඳම පන්දු රකින්නා වශයෙන් සී.බී රත්නායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද, හොඳම පිතිකරු වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.වීරසිංහ සහ හොඳම පන්දු යවන්නා වශයෙන් ප්‍රේමලාල් ජයසේකර ද කුසලාන ලබාගෙන තිබේ.
