පාර්ලිමේන්තු මන්ත්‍රිවරු හරියට වැඩ කරලා නෑ – ජනපති කියයි.

පාර්ලිමේන්තුව යනු මහජනතාව උත්තරීතර ආයතනයකි. එම උත්තරීතර ආයතනය පාලනය කිරීම සදහා මහජනතාව විසින් පාර්ලිමේන්තුවට පත්කර යැවූහ. එම මන්ත්‍රීවරුන් නියෝජනය කරන පාර්ලිමේන්තුව නිසි ලෙස බලය භාවිතා කරමින් වැඩ කළ නොමැති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරන ලදී.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්‍ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 කට රන් සහ රිදී සම්මාන පිරිනැමීම වෙනුවෙන් ඊයේ (18) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

එමෙන්ම මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් වැඩිම කමිටු ප්‍රමාණයක් පත්කර ඇති ලොව එකම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව බවත් , රටේ මූල්‍ය විනයක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂී කාර්‍යභාර්‍යයක් පැවරෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම වියදම් පාලනයේදී මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් මූලික වගකීමක් පැවරෙන පාර්ලිමේන්තුව එම බලය නිසි අයුරින් භාවිතා නොකිරීම මෙරට වර්තමාන මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුව බවත් , රජයේ ගිණුම් පිළිබද කාරක සභාව ගෙන යන වැඩපිළිවෙල මෙරට රාජ්‍ය අංශයේ කාර්‍යක්ෂමතාවය ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් , ඒ සඳහා ඇප කැප වී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු කාර්‍ය මණ්ඩලයට සිය කෘතඥතාවය පිරිනමන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ හරිත ආර්ථිකය , ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමග ආර්ථිකය ඉදිරියට ගෙන යාමට පැරණි ක්‍රමවේද අනුව කටයුතු කිරීමෙන් නොහැකි බවත්, සියලුම රාජ්‍ය ආයතන එකම අරමුණක් , එකම සැලැස්මක් , එකම ඒකකයක් ලෙස කටයුතු කළ යුතු බවත් , රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබා ගැනීම , අදායම් ඉහළ නංවා ගැනීම , මෙරට ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ හරහා ඉදිරියට යා යුතු බවත් , ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් අවශ්‍ය බවත් ය.

එමෙන්ම කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් , කෘෂිකර්මාන්තයට අදාළ ආයතනවලින් කොටසක් පළාත් සභා යටතේ සහ මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වන බවත් , එය එහි දියුණුවට බාධාවක් වී ඇති බවත් , කෘෂි නවීකරණ වැඩසටහනේ දී ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛස්ථානයක් දී කටයුතු කළ යුතු බවත් ජනාධිපතිවරයා තව දුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version