මාතලේ – මහනුවර දුම්රිය මාර්ගයේ කොටසක් වැසේ.

මාතලේ – මහනුවර දුම්රිය මාර්ගයේ කොටසක් ලබන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට දින 04 ක් වසා තැබෙන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගත් බවට එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

ඒ අනුව ලබන 21 වනදා පෙරවරු 04 න් පසු එහි දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version