පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වැසෙයි.

නායයෑමේ අවදානමක් හේතුවෙන් පස්සර – හිඟුරුකඩුව මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ .

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පස් සහ ගල් කඩාවැටීමෙන් එම මාර්ගය කොටමුදුන ප්‍රදේශයෙන් අවහිර වී ඇති අතර පවතින අවදානම හමුවේ මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ .

එමෙන්ම එය යළි යථාතත්වයට පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බව සඳහන්.

Exit mobile version