දුම්රිය රියදුරන් ක්‍රියාත්මක කර ඇති වැඩ වැඩවර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන්වාර 50 කට අධික සංඛ්‍යාවක් අවලංගු කිරීම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බව වාර්තා වේ.
ධාවනය කරන සීමිත දුම්රිය වලින් ගමන් පහසුව සලසා ගැනීමට උත්සාහ කිරීමෙන් මගී ජීවිත දැඩි අවදානමකට පත්ව ඇති අතර මගීන් තෙරපීම, දුම්රියවලින් ඇද වැටීම ආදී අනතුරු හේතුවෙන් තුවාල ලැබූ අවස්ථාවද දක්නට ලැබේ.
අසනීප තත්ත්වයන් හේතුවෙන් ක්ලාන්ත තත්ත්වයට පත්වෙන මගීන් ද දැකිය හැකි අතර විවිධ රෝගී තත්ත්වයන් සහ ආබාධයන්ට පත්ව සිටින ජනතාව මෙම වර්ජනය හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටිති.
මේ අතරින් ප්‍රධාන මාර්ගයේ මගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවද වාර්තා වේ.
