ලංගම ටික්කන්ට මගීන්ගෙන් ගුටි .

අවිස්සාවේල්ල ඩිපෝවට අයත් අවිස්සාවේල්ල සහ මීගමුව අතර ධාවනය කරන බස් රථයක් වේයන්ගොඩ ප්‍රදේශයේ දී ප්‍රවේශපත් නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජංගම පරීක්ෂක කණ්ඩායමක් බස් රථයට ගොඩ වූ අවස්ථාවේ දී එහි සිටි කොන්දොස්තරවරයා සහ මගීන් පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වේ.

මගීන් වැඩි ප්‍රමාණයකට ප්‍රවේශපත්‍ර නිකුත් කර නොමැති බව හෙළි වූ අවස්ථාවේ දී මගීන්ගෙන් වැඩි පිරිසක් ඔවුන්ව පරීක්ෂාවට ලක් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ,  එම විරෝධය හේතුවෙන් පරීක්ෂක කණ්ඩායම පරීක්ෂාව අතහැර දමා පිටත්ව යාමට සූදානම් වූ අවස්ථාවේ දී කොන්දොස්තරවරයාගේ මෙහෙයවීමෙන් බස් රථයේ සිටි මගීන් පිරිසක් මෙලෙස පරීක්ෂකවරුන්ට පහර දී ඇති බවත් සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් ස්ථානයට පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් නිලධාරියෙක්  ප්‍රකාශ කර තිබේ.

Exit mobile version