පාස්පෝට් ඔන්ලයින් ක්‍රමයටත්.

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙල හෙට (15) සිට ආරම්භ කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව සදහන්.

මහජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසා දීම මෙම වැඩපිළිවෙලෙහි අරමුණ බව සදහන්.

නව වැඩපිළිවෙල යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බවට අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version