ලෝක බැංකුව විසින් මෙරට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් යතුරුපැදි(ස්කූටර්) ලබා දීමට සියලු කටයුතු සුදානම් කර තිබියදීත් එම නිලධාරින් නියෝජනය කරන වෘත්තීය සමිති දෙකක නියෝජිතයන්ගේ කඹ ඇදිල්ල හේතුවෙන් එම යතුරුපැදි ලබා ගැනීමට නොහැකි වු බව ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ විශේෂ වෛද්‍ය දිපිකා ආටිගල මහත්මිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඇය මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා ,පීඑස් එස් පී , ව්‍යාපෘතිය යටතේ එම ප්‍රවාහන පහසුකම් ලබා දීම වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු ඉටුකර තිබුණද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන්ට සම්බන්ධ වෘත්තීය සමිති දෙකක නියෝජිතයින් අදාළ මිලදී ගැනීමේ කමිටු නියෝජනය කළ බවත් එම නියෝජිතයින් යම් යම් කරුණු වලදී දෙපසකට බෙදී අදහස් හුවමාරු කරගැනීම හා එකගතාවයකට නොපැමිණීම නිසා මෙම තත්ත්වය උද්ගත වූ බවයි.
