ඉවසීමයි , නිහඬතාවයයි තමයි තියුණුම අවිය – ජනපති.

ඉවසීම හා නිහඬතාවය යනු තියුණු ආයුධය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීලාදුන් – නබි උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළ බව වාර්තා වේ .

ජනාධිපතිවරයා පවසන්නේ එකල සමාජයේ ඉස්ලාම් දහම පිළිබඳ පණිවිඩය ඉදිරිපත් කිරීමේ දී නබි නායකතුමා ලද කටුක අත්දැකීම් සුළුපටු නොවන මොහොතක වුවද ඉවසීම හා නිහඬතාවය එතුමාගේ තියුණු ආයුධ වූ බවයි.

එමෙන්ම නබි නායකතුමා පෙන්වා දුන් වටිනාකම් සමඟ අනුගතව රට ඉදිරියේ ඇති අභියෝග ජය ගනිමින් දියුණු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමේ ගමන් මඟ ශක්තිමත් කර ගැනීමට අත්වැල් බැඳ ගනිමු යැයි සියලු ශ්‍රී ලාංකික සහෝදර ඉස්ලාමීය ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version