“බාල ඖෂධයක් නිසා රෝගීන් මැරුණෙ නෑ ” – කෙහෙළිය කියයි.

‘බාල ඖෂධ’ යනු කුමක්දැයි නිසි ලෙස අර්ථකථනය කර නොමැති බැවින් බාල ඖෂධ යන්න තමන් ප්‍රතික්ෂේප කරන බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කර තිබේ.

පේරාදෙණිය රෝහලේ දී පසුගියදා තරුණියක් මියයෑම සිදු වූ අවස්ථාවේදී, එම වාට්ටුවේ සිටි 12 දෙනෙක් සඳහා අදාළ ඖෂධය ලබා දී තිබූ බවත්, මෙම ඖෂධය 2013 ඔක්තෝම්බර් 21 වැනිදා ලියාපදිංචි කර ඇති බවත්, ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම වසරේදී 167,000ක ප්‍රමාණයක් මෙම ඖෂධය භාවිත කර ඇති අතර, 230,000ක රෝහල් ප්‍රමාණයක් සඳහා එය ලබා දී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ඔහු මෙසේ පවසා තිබේ.

ඉන්දියානු ණය ආධාර නොමැති කාලසීමාවේදී ද මෙරටට ආනයනය කළ ඖෂධ වලින් සියයට 80ක ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ ඉන්දියාවෙන් බවද සෞඛ්‍ය අමාත්‍යංශ නිළධාරීන් එහිදී සඳහන් කර තිබේ.

ඒ අනුව, මෑත කාලීනව එම ආධාර යටතේ ගෙන්වූ ඖෂධ භාවිතයට ගන්නා බවත්, එසේ ඖෂධ ගෙන්වීමට අවශ්‍ය අංශ කටයුතු නොකළේ නම් රෝගීන් මිය යන්නේ ඖෂධ නොමැති නිසා බවත්, එම නිළධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version