පයාගල ප්‍රදේශයේ නිවෙස් බිදීම් රැසකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ තොගයක් සමග කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල ,මයිටියවත්ත සහ ගබඩාගොඩ ප්‍රදේශයේ පදිංචි 23 සහ 19 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර මොවුන් විසින් සොරා ගත් අගල් 55 රූපවාහිනී යන්ත්‍රයක් ,රෙදි සෝදන යන්ත්‍රයක්,විදුලි පංකා දෙකක්,ග්‍රයින්ඩර් දෙකක්,ගෑස් ලිපක්,කායවර්ධන උපකරණ කට්ටලයක් …..ආදී වශයෙන් සියලුම භාණ්ඩ පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.