බැංකු කාඩ්පත් සොරකම් කළ PC අත්අඩංගුවට .

ATM කාඩ්පතක් සොරකම් කර මුදල් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මහනුවර දළදා මාලිගාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

එම පොලිස් ස්ථානයේම සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ බැංකු කාඩ්පතක් සොරකම් කර එමගින් රුපියල් 105000ක මුදලක් පොලිස් කොස්තාපල්වරයා විසින් ලබා ගෙන ඇති බවට විමර්ශණ වලදී හෙළිවී තිබේ.

මහනුවර පොලිසිය විසින් විමර්ශණ සිදුකර සැකකාර පොලිස් කොස්තාපල්වරයා සතුව තිබී රුපියල් 75000ක මුදලක්ද සොයා ගත් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අද (27) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

Exit mobile version