කසිප්පු මුදලාලිගේ පාටියට ගිය පී.සී. රෝහලට – වැඩත් තහනම් වෙයි.

කුරුණෑගල දිසාවේ කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකුගේ නිවසේ පැවැති සාදයකට සහභාගි වී නිවස බලා යන අතර වාරයේ තරුණ පිරිසකගේ පහර කෑමකට ලක්වූ පොලිස් සැරයන්වරයකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .

මෙසේ රෝහල් ගතකර ඇත්තේ නිකවැරටිය , පන්සියගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකි .

මෙම පොලිස් සැරයන්වරයා කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයාගේ නිවසේ පැවති සාදය අවසන් වී නිවෙස් බලා යන අතර වාරයේ ප්‍රදේශයේ තරුණයන් පිරිසක් සමඟ ආරවුලක් ඇතිකර ගැනීමෙන් පසු එම තරුණයන් මෙම සැරයන්වරයාට පහර දී ඇති බව සඳහන් .

එමෙන්ම අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇති බව ද වාර්තා වේ .

Exit mobile version