බලු සිද්ධියකට පී.සී.මුදලාලිට ගහලා.

අග්බෝපුර, කිතුල්උතුව ප්‍රදේශයේ පිහිටි වෙළෙඳ සැළකට තමන්ගේ සුරතල් සුනඛයා ගිය අවස්ථාවේ සුනඛයාට පහර දුන් බව කියමින් එම වෙළඳසැලේ අයිතිකරුට පහර දුන්නේ යැයි කියන පොලිස් කොස්තාපල් රියදුරකු හබරණ පොලීසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙකි.

පහර කෑමට ලක් වී ඇත්තේ හැට හත් හැවිරිදිවියේ පසු වන වෙළඳසැලේ අයිතිකරු ය.

වෙළඳසැලේ අයිතිකරු කළ පැමිණිල්ලක් අනුව විමර්ශන පවත්වා මෙම කොස්තාපල් රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

Exit mobile version