පැල්මඩුල්ල පොලිස් වසමේ කුට්ටපිටිය ප්‍රදේශයේ තොටිගලම කන්දේ ඊයේ (27) හදිසි ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වේ.
ඊයේ (27) රාත්‍රීයේ පැල්මඩුල්ල පොලීසියට ලද පණිවුඩයක් මත ක්‍රියාත්මක වූ පොලීසිය, යුද හමුදාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටින බව සඳහන්.
ගින්න හේතුවෙන් අක්කර 07ට ආසන්න ලඳු කැළෑ ප්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇති අතර මේ සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.
