ප්‍රමිතියෙන් බැහැරව කුකුළු මස් ප්‍රවාහනය කළාට දඩ.

නියමිත උෂ්ණත්වය නොමැතිව රුපියල් ලක්ෂ හයකට ආසන්න කුකුළු මස් තොගයක් ආණමඩුව නගරයේ වෙළඳ සැලකට අලෙවි කිරීමට කටයුතු කිරීමේ දී ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන පරීක්ෂක නිලධාරීන් විසින්  කුකුළු මස් ප්‍රවාහනය කළ දිවයිනේ ප්‍රධාන පෙලේ කුකුළු මස් නිෂ්පාදන සහ බෙදා හැරීමේ සමාගමක නියෝජිතවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව වාර්තා වේ.

මොහුට රුපියල් තුන්දහසක දඩ මුදලක් නියම කර ඇති අතර ආණමඩුව මහේස්ත්‍රාත්වරිය විසින් එම කුකුළු මස් තොගය විනාශ කිරීමට ද නියෝග කළ බව සඳහන්.

Exit mobile version