බිරිඳට මෝල් ගසකින් පහරදී තුවාල සිදුකර දියණියන් දෙදෙනාට සහ නිවසට පහර දීමට උත්සාහ කළේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු, බිරිඳ හා දරු දෙදෙනා විසින් අල්ලා මෙල්ල කර බැඳ දමා පොලීසියට දැනුම් දුන් පුවතක් වාර්තා වේ.
එම පැමිණිල්ලට අනුව ආරච්චිකට්ටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් කොස්තාපල්වරයාගේ නිවසට ගොස් බැඳ දමා සිටි කොස්තාපල්වරයාගේ බැමි ලිහා දමා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.
පොලිස් කොස්තාපල්වරයෙකු වූ තම සැමියා බීමතින් මෙවැන්නක් කළ බව ඇය පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ යැයි කියති.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා ආනවිලුන්දාව රජයේ රෝහලේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඔහු බීමතින් සිටින්නේ දැයි යන්න හෙළි කර ගැනීමට පොලිසිය කටයුතු යොදා තිබේ.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා කොළඹ ප්‍රදේශයේ පොලීසියකට අනුයුක්තව සේවය කරන්නෙකි.
