මෙම වර්ෂයට අදාළ වලංගු ජීවිත සහතික ලබා නොදීම හේතුවෙන් විදේශගත විශ්‍රාමිකයන් 1061 දෙනෙකුගේ විශ්‍රාම වැටුප් තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තා වේ .
විදේශයන්හි ජීවත් වන විශ්‍රාමිකයන් තම විශ්‍රාම වැටුප් අඛණ්ඩව ලබා ගැනීමට නම් වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් ලබා දීම අනිවාර්ය වන අතර එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීමට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව පියවර ගනු ලබයි.
මේ සම්බන්ධයෙන් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජෙනරාල් ජගත් ඩී. ඩයස් මහතා ප්‍රකාශ කළේ මෙම වර්ෂයට අදාළ වලංගු ජීවිතය සහතික පත් ලබා නොදීම මත මෙලෙස ඔවුන්ගේ විශ්‍රාම වැටුප් තාවකාලිකව අත්හිටුවා ඇති බවත් , එය නැවත සක්‍රීය කර ගැනීමට නම් අදාළ සහතික විශ්‍රාමිකයා පෞද්ගලිකවම තානාපති කාර්යාලය වෙත ලබා දිය යුතු බවත් , එවිට ජීවත් වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලයේ සහතික කර ගත හැකි බවත් ය.
