කුකුල් කෑම සොරකම් කළ පුද්ගලයින් අත්අඩංගුවට .

කුකුළු ගොවිපළකින් කුකුල් කෑම සොරකම් කළ එම ගොවිපළ කළමනාකරු ඇතුළු 6 දෙනෙකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

සැකකරුවන් විසින් සත්ව ආහාර මිටි 50ක් සොරාගෙන ඇති බවට ගොවිපළ හිමිකරු විසින් හලාවත පොලිසියට සිදු කළ පැමිණිල්ලක් මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකටුව ,බිංගිරිය ,කුමාර කට්ටුව ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

Exit mobile version