දික්වැල්ල කෝන්දෙනිය ප්‍රදේශයේ දී මහජන පරීක්ෂකවරුන් දෙදෙනෙකුට පහර දුන් පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම පහරදීම සිදුකර ඇත්තේ කොවිඩ් ආසාදිත ව මියගිය පුද්ගලයකුගේ නිවසේ නිරෝධායන කටයුතු වෙනුවෙන් පැමිණි අවස්ථාවකදී බවත්,පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි.
සැකකරුවන් දෙදෙනා මාතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 23 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.
එමෙන්ම ඔවුන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.