අධිකරණයේ තිබූ නඩු භාණ්ඩයක් උස්සලා.

නඩු භාණ්ඩයක් ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නතර කර තිබූ මෝටර් රථයක උපාංග ගලවා ගෙන ගොස් ඇති අතර එහි වටිනාකම රුපියල් 938,000 ක් පමණ බව වාර්තා වේ.

මෝටර් රථයේ අයිතිකරු විසින් සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය මූලස්ථාන පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර සොරකම සිදු කළ පුද්ගලයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති බව සඳහන් වේ.

Exit mobile version