ගුවන් යානයට ගුවන් යානයක් ඉන්දියාවෙන්.

ඩෝනියර් 228 වර්ගයේ සමුද්‍ර නිරීක්ෂණ ගුවන් යානයක් ඉන්දියාව විසින් නිල වශයෙන් ශ්‍රී ලංකාවට භාරදී තිබෙන අතර එම ගුවන් යානය අද (16) කාටුනායකදී පැවැති උත්සවයකදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා වෙත නිල වශයෙන් භාරදීම සිදු කෙරුණු බව වාර්තා වේ .

ශ්‍රී ලංකාව මෙතෙක් භාවිත කළ ඩෝනියර් යානය වාර්ෂික නඩත්තු කටයුතු සඳහා ඉන්දියාවට රැගෙන ගොස් ඇති අතර එය ආපසු ලැබෙන තෙක් මෙම නව යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රයෝජනය සඳහා භාවිත කිරීමට නියමිත බව සඳහන් .

Exit mobile version