ඉරාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමක් පිහිටුවන්න සැලසුම්.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතාට මෙරට සංචාරයක් සඳහා ආරාධනා කර තිබූ අතර ඉරාන – ශ්‍රී ලංකා ඒකාබද්ධ ආර්ථික කොමිසමක් පිහිටුවීමට මෙන්ම ඒකාබද්ධ කොන්සියුලර් සහ සංචාරක කමිටුවක් පිහිටුවීමට ඉරානය සූදානම් බව හුසේන් අමීර් අබ්දුල්ලාහියන් , විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කර තිබෙන බව වාර්තා වේ .

ඒ නුවර පැවති හමුවකදීයි.

අමාත්‍යවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවේදී දෙරට අතර සබඳතා , කලාපීය , ජාත්‍යන්තර ගැටළු සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙන බව සඳහන් වේ.

එමෙන්ම නව තාක්ෂණික ක්ෂේත්‍රයේ හැකියාව සහ දැනුම හුවමාරු කර ගැනීමට ඉරානය සිය කැමැත්ත පළ කර තිබෙන අතර මෙහිදී සිරකරු හුවමාරුවකට ද අත්සන් තබා තිබෙන බව වාර්තා වේ .

Exit mobile version