අස්වැසුම සුබසාධන දීමනා නවත්වන බවට තොරතුරු වාර්තා වේ.
ඒ අනුව අවුරුදු 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවත්වන බවට වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවෙල් මහතා ප්‍රකාශ කර තිබේ.
එම සහනාධාරය හිමිවන පුද්ගලයින් හට වෙනම වැඩපිළිවෙළක් ඇති ඒ අනුව සමෘද්ධි PLUS වැඩසටහන යටතේ එම පුද්ගලයින් විවිධ වෘත්තීන් සදහා යෙදවීමට නියමිත බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන නිලධාරින්ගේ සහ සමෘද්ධි කළමනාකරුවන්ගෙන් අදහස් ලබා ගැනීමද මේ වන විට ක්‍රියාත්මක බවට අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
