පොලිස් ස්ථාන ප්‍රතිශ්‍රේණිගත කරන්න සැලසුම්.

පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් ස්ථාන ප්‍රතිශ්‍රේණිගත කිරීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව මෙරට පිහිටි පොලිස් ස්ථාන 607 පිළිබඳවම සවිස්තරාත්මක වාර්තා ඉදිරි සතියේදී ලබා දෙන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න සියලුම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නියෝග කර තිබේ .

ඒත් සමගම පොලිස් කොට්ඨාස 45න්ම වාර්තා ඉදිරිපත් කරන්නැයි ද සියලුම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වෙත උපදෙස් දී තිබේ.

මේ වනවිට ඒ, බී සහ සී ලෙස ශ්‍රේණිගත කර ඇති පොලිස් ස්ථාන ජනගහනය, නාගරිකත්වය හා අපරාධ සිදුවීම් වැඩිවීම ආදී කරුණු මත මෙලෙස ප්‍රතිශ්‍රේණිගත කිරීමට සැලසුම් කර තිබේ.

Exit mobile version