ආගරපතන වැවිලි සමාගමට අයත් වැවර්ලී වතුයායේ තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමිමට විරෝධය දක්වමින් එම වතුයායේ වතු කම්කරුවන් වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙම වතුයායෙන් දෛනිකව කඩන තේ දළු ප්‍රමාණය අඩුවිම හේතුවෙන් එම තේ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා එම වතුයායෙන් කඩනු ලබන තේ දළු බැරමෝල් වතුයායේ තේ කර්මාන්ත ශාලාව වෙත රැගෙන යාමට විරෝධය දක්වමින් මෙම වතු කම්කරුවන් මෙසේ වැඩ වර්ජනයක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇති බව සදහන්.
මෙම වර්ජනයට එක්ව සිටින වතු කම්කරුවන් පවසනුයේ තම වතුයායේ කඩනු ලබන තේ දළු වෙනත් වතුයායක තේ කර්මාන්ත ශාලාවකට රැගෙන යාමට එරෙහිව තමන් වර්ජනය කල බවත් තම වතුයායේ කඩන තේ දළු දින දෙකක් හෝ එකතු කර තම වතුයායේ තේ කර්මාන්ත ශාලාව තුලම තේ කුඩු නිෂ්පාදනය කිරිම සුදුසු බවයි.
මෙම තත්ත්වයන් පිළිබඳව විමසීමට එම වතුයායේ නිලධාරියෙකු සම්බන්ධ කර ගැනිමට උත්සහා කලද එය ව්‍යර්ථ වි තිබේ.
