වතු කම්කරුවන් කි.මි. 262ක පාගමනකට සූදානමක්.

වතු කම්කරුවන් ශ්‍රි ලංකාවට පැමිණ වසර 200ක් ගත විම නිමිති කර ගෙන තලෛ මන්නාරමේ සිට මාතලේ දක්වා ගමන් ගන්නා කිලෝ මිටර් 262ක් දුර පාගමනේ කාල සටහන මේ වන විට නිකුත් කිරිමට පියවර ගෙන ඇති බව වාර්තා වේ..

මේ පිළිබඳව අදහස් දක්වන එම පාගමනේ සංවිධායිකාවක් වන හැටන් සමාජ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ඒ. යෝගිතා මහත්මිය පවසන ලද්දේ මෙම පාගමන මේ මස 28 වන දින තලෛ මන්නාරමෙන් ගමන් ආරම්භ කර අගෝස්තු මස 12වන මාතලේ නගරයෙන් නිමාවට පත් කිරිමට පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව 28වන දින පාගමනට එක්වන පිරිස් තලෛ මන්නාරමට රැස්ව 29වන දින තලෛ මන්නාරමේ සිට පේසාලේ දක්වා කි. මී. 15ක්, 30වන දින පේසාලේ සිට මන්නාරම් නගරයට කි. මි. 16ක්, 31වන දින මන්නාරමේ සිට මුරුක්කන් දක්වා කි.මි.26ක්, අගෝස්තු 01දින මුරුක්කන් සිට මඩු දක්වා කි. මි. 26ක්, 02වන දින විවේකය 03වන දින මඩු සිට චෙට්ටිකුලම් දක්වා කි.මි. 23ක්, 04වන දින චෙටිටිකුලම් සිට මැදවච්චිය දක්වා කි.මි. 26ක්, 05වන දින විවේකය, 06වන දින මැදවච්චිය සිට මිහින්තලේ දක්වා කි.මි.22ක්, 07වන දින මිහින්තලේ සිට තිරප්පනේ දක්වා කි. මි. 18ක්, 08වන දින තිරප්පනේ සිට කැකිරාව දක්වා කි.මි. 22ක්, 09වන දින කැකිරාව සිට දඹුල්ල දක්වා කි.මි.22ක්, 10වන දින විවේකය, 11වන දින දඹුල්ල සිට නාලන්ද දක්වා කි.මි.22ක්, 12වන දින නාලන්දා සිට මාතලේ දක්වා කි.මි. 24ක් ලෙස මෙම පාගමන ගමන් ගන්නා බවද ඇය පවසන ලදි.

මෙම පාගමන සදහා විටින් විට වතුකරය නියෝජනය කරමින් වතු කම්කම්කරුවන් කොටස් වශයෙන් සහභාගි කරවිමට පියවර ගන්නා බවද යෝගිතා මහත්මිය වැඩි දුරටත් පවසන ලදි.   

Exit mobile version