‘පොඩි මත්තා’ පොලිස් දැලේ.

දර්ගා නගරය,නුග ගහලන්ද ප්‍රදේශයේදී පොඩි මත්තා,යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු රුපියල් කෝටියක හෙරොයින් ග්‍රෑම් පන්සියයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අද (3) කළුතර කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය මගින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා වැලිපැන්නෙජොසා නමින් හැඳින්වූ පොලිස් වෙඩි පහරකින් මිය ගොස් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කරුගේ ගෝලයෙකු බවද පොලිසිය ප්‍රකාශ කර තිබේ.

සැකකරු රඳවා ප්‍රශ්න කිරීමට නියමිත අතර අනතුරුව වැලිපැන්න පොලිසිය මගින් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.

කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස, සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති නුවන් කෝරාළගේ, උප පොලිස් පරීක්ෂක ධර්මසේන පොලිස් සැරයන්වරුන් වන ධනුෂ්ක, දේශප්‍රිය, ඉන්දික, පොලිස් කොස්තාපල්වරුන් වන අසංක, ප්‍රියන්ත ,අමල්ක (පොලිස් කොස්තාපල් රියදුරු) යන මහත්වරු විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව සදහන්.

Exit mobile version