යතුරුපැදි සොරකමේ ගිය පොහොට්ටු අපේක්ෂකයා අත්අඩංගුවට.

නාරම්මල අවට යතුරු පැදි ගණනාවක් සොරකම් කිරීම සම්බන්ධයෙන් නාරම්මල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු සැකපිට නාරම්මල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

එම සැකකරු සමග තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version