කැම්බල් පිටියේ පොහොට්ටු මැයි රැළියට විශේෂ ආරක්ෂාවක් ඉල්ලයි.
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් කැම්බල් පිටියේ දී පැවැත්වීමට කටයුතු කර ඇති මැයි දින රැළියට විශේෂ ආරක්ෂාවක් ලබා දීමට කටයුතු කරන බවත් ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන පවසයි.එබැවින් බියක් සැකයක් නැතිව මැයි දින රැළියට සහභාගී වන ලෙස ඔහු පාර්ක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
මැයි දින රැළිය වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ඉල්ලා සිටීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකයන් සහ ආධාරකරුවන් මෙවර මැයි දින රැළියට සහභාගී වීමට යම් පසුබෑමක් පෙන්වීමය.පසුගිය වසරේ මැයි 09 වැනිදා ගාලිමුවදොර මැයි ප්‍රහාරයක් සමඟ ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියා හේතුවෙන් පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය මට්ටමේ නායකයන්ට පවා දැඩි පීඩා එල්ල වූ අතර ඔවුන්ට විවිධ ප්‍රහාරවලට එල්ල වීමට ද සිඳු විය. මෙම තත්ත්වය හේතුවෙන් පක්ෂයේ පෙළපාලි වැනි කටයුතු සඳහා වෙනදා පැමිණෙන පිරිස් මෙවර මැයි දින රැළිය සඳහා ද පැමිණීමට බියක් දක්වන බව ආසන සංවිධායකවරුන් පක්ෂ නායකත්වය වෙත දන්වා ඇති අතර ඔවුන්ට ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙලක් යොදන ලෙස ද ඉල්ලීම් කර ඇත.
පක්ෂය මැයි දින රැළිය පැවැත්වීම සහ පාක්ෂිකයන් හැකි තරම් පිරිසක් කැම්බල් පිටියට කැඳවා ගැනීමට අදාළ සාකච්ඡාවක් අද (27) දිනයේ දී පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල නෙළුම් මාවත කාර්‍යාලයේ දී පැවත්වීමට නියමිත බවද පක්ෂ ආරංචි මාර්ග පැවසීය.
( ලංකා සර )
