පොලිස් ස්ථානයක් තුළදී වස පානය කරලා.

කුරුණෑගල පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි කාන්තාවක් වස පානය කර ඇති අතර ප්‍රතිකාර සඳහා ඇය කුරුණෑගල මහ රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ.

මුදල් ආරවුලක් සහ පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි අවස්ථාවේ දී මෙලෙස පොලිස් ස්ථානයේ දී වස පානය කර තිබෙන බව සඳහන් වේ.

මෙම කාන්තාව 37 හැවිරිදි අයෙක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කුරුණෑගල පොලිසිය විසින් සිදු කරනු ලබයි.

Exit mobile version