ඝාතකයෙක් සොයන්න පොලීසිය මහජන සහාය පතයි.

ඝාතනයක් සම්බන්ධව අවශ්‍යකරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතමින් පොලීසිය විසින් එම සැකකරුගේ ජායාරූපය මාධ්‍යට නිකුත්කර තිබෙන අතර  පොලීසිය පවසන්නේ ඊයේ (24) සවස බණ්ඩාරවෙල හෝටල් කාමරයක කාන්තාවක් ඝාතනය කර තිබූ බවත් එම අපරාධය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය විමර්ශන සිදුකරන බවත් ය.

එම ඝාතනයෙන් පසුව සැකකරු පළාගොස් ඇති අතර ඔහුගේ ජායාරූපය පොලීසිය විසින් මෙලෙස අද (25)  මාධ්‍යට නිකුත් කර තිබේ.

පොලිසිය ප්‍රකාශ කරන්නේ එම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි.

මූලස්ථාන පොලිස් පරීක්ෂක (බණ්ඩාරවෙල) – 0718 591523

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති – 0718 710108 – 0718594033

Exit mobile version