පොලිස් වෙසින් මුදල් කොල්ලකෑ තිදෙනෙකු අත්අඩංගුවට .

පොලිස් නිලධාරීන් බව පවසමින් පුද්ගලයකු පැහැර ගෙන ගොස් මුදල් කොල්ලකෑ සැකකරුවන් තිදෙනකු වව්නියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

යතුරුපැදියකින් පැමිණි මෙම තිදෙනා වව්නියාව දුම්රියපොළ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු නවතා පොලීසියෙන් බව පවසමින් එම පුද්ගලයා යතුරුපැදියේ බලහත්කාරයෙන් නංවාගෙන ගොස් ඇති බව සදහන්.

මද දුරක් ගොස් ඔහුගේ පසුම්බියේ තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදල මොවුන් විසින් බලහත්කාරයෙන් රැගෙන පලා ගොස් ඇති බවට පොලිසිය පවසයි.

පැහැරගත් පුද්ගලයා ඔවුන් පසුපස හඹා ගොස් රුපියල් 15,000ක මුදලක් නැවත උදුරා ගත්තද ඉතිරි මුදල් රැගෙන එම පිරිස පලා ගිය බව අනාවරණය වි තිබේ.

වව්නියාව පොලිසියට සිදුකළ පැමිණිල්ලකින් අනතුරුව විමර්ශන සිදුකර අදාල සැකකරුවන් තිදෙනා සහ ඔවුන් පැමිණි යතුරු පැදියද පොලිස් බාරයට ගෙන ඇති බව සදහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට පොලීසිය පවසයි.

Exit mobile version